පලස්තීනයට දිනකට පැය 4 ක සහන කාලයක්

උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4 ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා තිබේ.

ඊශ්‍රායලය මේ සඳහා එකඟ වී ඇත්තේ ඇමෙරිකාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

පැය 4 ක් පහර නොදීමට එතඟ වුවත්, තමන් කිසිදු අවස්ථාවක, හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයකට නොයන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *