ශ්‍රී ලංකාවට ලබාදෙන ණය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් ලබන මාසයේ කොළඹට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3 කට ආසන්න ණය මුදලක් අනුමත කළේය .
පළමු සමාලෝචනය සැප්තැම්බර් 14 සිට 27 දක්වා පැවැත් වීමට නියමිතය . එහි කාර්ය මණ්ඩලය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කරන්නේ නම්, ඩොලර් මිලියන 338 ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවෙනු ඇත .