”පරාජයේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන්න” ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට නියෝගයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඊයෙ ශ්‍රී ලංකාව ලකුණු 302 කින් ඉන්දියාව හමුවේ ලැබූ ලැජ්ජා සහගත පරාජයේ වගකීම ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය භාර ගත යුතුබවත්, ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව වහා ඉල්ලා අස්විය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉල්ලා අස් නොවන්නේනම් ඔවුනට එරෙහිව පියවර ගන්න බවද එම නිවේදනයේ සඳහ වෙයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට තනතුරේ රැඳී සිටීමට සදාචාරාත්මක, අයිතියක් නැත. ඔවුන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවීම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරඟාවලියට බලපෑ බව ක්‍රීඩා අමාත්‍යවරයා සිය නිවේදනයේ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වෙනම ලිපියක් යවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔට්ටු ඇල්ලීමේ සහ සූදු සමාගම්වලට සම්බන්ධ සන්නාම සමඟ ඇති සම්බන්ධය අවධාරණය කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *