නේපාල භූමි කම්පවෙන් 128 ක් පණපිටින් වැළලේ

ඊයේ රාත්‍රියේ නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 128 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ . සුන්බුන් අතර සිරවූවන් සහ තුවාල ලබා රෝහල් ගත කරන ලද පුද්ගලයන්ගේ තත්ත්වය අනුව මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකිබව බලධාරීහු පවසති.

භූමිකම්පාව ඊයේ මධ්‍යම රාත්‍රියේ භූමිකම්පව සිදුවන අවස්ථවේ බොහෝදෙනා නිදාගෙන සිටි නිසා නිසා තුවාල ලැබූවන් ගණන ඉහළ අගයක් ගත හැකිබව නේපාල ආරංචිමාර්ග පවසයි .

කත්මන්ඩු අගනුවරට බටහිරින් සැතපුම් 310ක් (කිලෝමීටර් 500ක්) ඔබ්බෙන් කර්නාලි පළාතේ ජජර්කොට් දිස්ත්‍රික්කයේ රාත්‍රී 11:47ට (GMT සවස 6.02) භූමිකම්පාව සිදු විය. නේපාලයේ ජාතික භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 6.4ක් බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) එය 5.6ක් ලෙස ප්‍රකාශ කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *