නේපාලයේ TikTok තහනම්

සමාජ සංහිඳියාවට හානිදායක අන්තර්ගතයන් සහිත බැවින් බව පවසමින් නේපාල රජය TikTok තහනම් කර ඇත. ඒ පිළිබඳව බී.බී.සී වෙත අදහස් දක්වන එරට සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ෂර්මා පවසනුයේ අශිෂ්ට අන්තර්ගතයන් සහිත බැවින් මම තීරණයට එළැබීමට සිදුවූ බවය.

මාසික පරිශීලකයන් සංඛ්‍යාව බිලියනය ඉක්මවා සිටිනා TikTok වෙත පිවිසීම ඉන්දියාව අතුළු රටවල් රැසක් මේවන විටත් අවහිර කර ඇත.

නේපාල රජය සමාජ මාධ්‍ය ආයතන නියාමනය උදෙසා දැඩි තීරණ හඳුන්වාදුන් අතර, එරට ක්‍රියාත්මක සියළු සමාජ මාධ්‍ය අඩවි විසින් රට තුළ සම්බන්ධතා කාර්යාල පිහිටුවීමට අනිවර්‍ය කරමින්ද නව නීතියක් සම්පාදනය කරන්නට පියවර ගෙන තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *