නිතර සිදුවෙන භූමිකම්පා නිසා කොළඹ ගොඩනැගිළි අවදානමේ

ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූකම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් ඇතිව තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය .

පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය මෙරට බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බවත්, විශේෂයෙන් කොළඹ ප්‍රදේශයට සහ බස්නාහිර පළාතට මේ කම්පනය දැනී තිබීම තුළ කොළඹ පිහිටි උස ගොඩනැගිළි වල ආරක්ෂාව ගැන සැලකිළිමත් විය යුතුබවත් මහාචාර්ය සේනාරත්න පවසයි.

මෙම තාත්ත්වය නිසා උසින් වැඩි ගොඩනැගිළි පිළිබඳ අවධානයෙන් පසුවීමත්, ඒවායේ තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන ආරක්ෂක පිළියම් යෙදීම හෝ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවෙනු ඇතිබවත් ඔහු අවධාරණය කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *