නැව් මගින් කොළඹ වරායට ආ කෝටි 64ක හෙරොයින්

කොළඹ වරායට පැමිණි බහාලුමක් තුළ සගවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් හැට හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ විසි දහසක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් අද (22) දින කොළඹ වරාය පාලන අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පාකිස්තානයේ කරච්චි නුවර සිට ඉකුත් 06/15 දින ” වයිඩ් ජුලියට් “(Wide Juliet ) නැමැති නැවෙන් මෙම ශීතකරණ ලද බහාලුමක් තුළ මෙම හෙරොයින් තොගය කොළඹ වරාය වෙත ගෙනැවිත් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා ප්‍රකාශ කළේය.

මෙම බහාලුමෙහි තුළ වූ විශේෂ කුටීර තුළ සගවා තිබූ මෙම හෙරොයින් තොගය අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මෙම හෙරොයින් තොගය සමග මෙම ආනයනයට සම්බන්ධ කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු කොළඹ වරාය පාලන රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම විමර්ශන කටයුතු සදහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ද සහාය දක්වා තිබූ අතර , මේ වනවිට මෙම හෙරොයින් තොගය සහ මෙම නීතිවිරෝධී ආනයනයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා ද මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *