නායක ෂකීබ් අල් හසන් සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලනයට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

ලෝක කුසළාන තරගාවලියේදී පෙන්වූ අසාර්ථක බව නිසා බංගලාදේශයේ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්, එරට ක්‍රිකට් පාලක මණ්ඩළයේ සභාපති නස්මුල් හසන් සහ ප්‍රධාන විධායක නිසාමුදීන් චෞද්‍රී යහ තිදෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙන ලෙස නීතිමය දැනුම්දීමක් ලබා දී ඇති බව වාර්තාවේ . මෙම දැවීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥ කුන්ද්කාර් හසන් ෂාරියාර් විසින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩළයට යවා ඇත.

ලෝක කුසලාන තරඟාවලියේ බංග්ලාදේශය තරග 9 කින් ජයග්‍රහණ දෙකක් පමණක් ලබා ගැනීමට සමත් වූ අතර ලකුණු සටහනේ ලකුණු 4 ක් පමණක් ලබා ගනිමින් අටවන ස්ථානයට පත් විය.

අධිනීතිඥ ෂාරියාර් සිය ලිපිය නායකයා, BCB සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ඉවත් කිරීම පමණක් නොව සමස්ත පුහුණු කාර්ය මණ්ඩලය සහ තේරීම් කමිටුව ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටී. තවද, ලෝක කුසලානයේ දී කණ්ඩායමේ අසාර්ථකත්වය පිටුපස ඇති හේතු සොයා බැලීම සඳහා කමිටුවක් පිහිටුවීමට නීතිඥවරයා ඉල්ලා සිටී .

මෙම කම්පන සහගත පරාජයෙ වගකිම බාර ගනිමින් ෂකීබ් අල් හසන් මෙසේ පැවසීය. ” නිසැකවම කියන්න පුළුවන් එය බංග්ලාදේශයේ නරකම ලෝක කුසලාන දක්‍ෂතාවය බව. ඇයි අපි මේ විදියට ක්‍රීඩා කළේ කියන එකට මට උත්තරයක් නැහැ. අපි පිටියේ අලසයි. අපි දක්ෂ ලෙස පන්දු යැව්වා. අපි පන්දුවට පහර දුන්නේ නැහැ. තරඟාවලිය පුරාවට අපට පිතිකරණයෙන් අසමත් වුනා” ඔහු පැවසීය .
ශ්‍රී ලංකාව සමග තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමට ක්‍රියාකළ ආකාරය සම්බන්ධවද ෂකීබ් අල් හසන් ක්‍රීඩා විචාරකයන්ගේ දෝෂදර්ෂණයට ලක්ව සිටී.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන පසුබෑමෙන් පසු නවසීලන්තයට මුහුණ දීමට සූදානමින් සිටී.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *