ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි පනවා ඇති ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවරයක් කිරීම පිළිබඳ නඩුව අද (19) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ දෙවැනි දිනටද විභාගයට ලක් විය .
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙම නඩුවේ වින්දිතයා වශයෙන් සැලකෙන කාන්තාවගේ නිවසට පැමිණීමෙන් අනතුරුව ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වුන බවට නගා තිබූ චෝදනාව ධනුෂ්ක ගුණතිලක විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ධනුෂ්ක සහ අදාළ කාන්තාව ඔපෙරා බාර් නම් ස්ථානයේදී මුණ ගැසීමෙන් පසු ඔවුන් වැළඳගන්නා ආකාරය සහ අනතුරුව කාන්තාවගේ නිවෙස වෙත පිටත්ව යාම පෙන්නුම් කරන ආරක්ෂිත කැමරා දර්ශන පවා ධනුෂ්කගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව වාර්තා වෙයි .
ඒ අනුව, මෙම සාක්ෂි පදනම් කර ගෙන පැමිණිලිකාර කාන්තාව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුරුගන් තංගරාජ් කටයුතු කළ බව ඕස්‍ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරයි.
ධනුෂ්ක ගුණතිලක විසින් ඇය අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පොළබවාගත් බවට වන චෝදනවද නීතීඥ මුරුගන් තංගරාජ් දැඩිව ප්‍රතික්ෂේප කර ඇත .
පැමිණිකාර කාන්තාව විසින් ධනුෂ්ක ගුණතිලක ඇයගේ නිදන කාමරයට කැඳවා යාමට ගත් තීරණය ඇය විසින් පෙරදී සැලසුම් කරන ලද්දක් නොවේද යන්න මෙහිදී නීතිඥවරයා පැමිණිළිකාර කාන්තාවගෙන් විමසා තිබෙනවා. නඩු විභාගය ඉදිරියටත් පැවැත්වීමට නියමිතයි. නඩු විභාගය සඳහා රූමත් කාන්තාවක් සමග අත් අල්ලාගෙන ධනුෂ්ක ගුණතිලක අධිකරණය වෙත පැමිනෙන ආකාරය සහිත චායාරූප ඊයෙ සහ අද විදෙස් මාධ්‍යන්හී පලව ඇත.