දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදය අද

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය අද (01) පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය වී තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා ඊයේ (30) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේද අනුමැතිය හිමි විය.

ඒ සඳහා සාකච්ඡා කිරීමට ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් මුදල් පිළිබඳ කාරක සභාව රැස්වු අතර එහිදී කාරක සභාවේ බහුතර කැමැත්ත මත යෝජනාවට අනුමැතිය හිමි වූ බව සඳහන් වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *