දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

බෞද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් සඳහා අපහසාත්මක ප්‍රකාශයක් කරන ලද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතිළුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කරයි.

ඔහු රටින් පිටව ගොස් සිටියදී විදෙස් ගමන් තහනම් වාරණ නියෝගයක් නිකුත් කර ඇතත් එම වාරණ නියෝගය ලැබුණු පසු රටින් පිට වීම සේම රටට ඇතුළුවීමද තහනම් බවත් හෙතෙම පැවසීය.

යම් හෙයකින් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ සිටියොත් එම තත්වයට අදාළව ජාත්‍යන්තර නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *