දූෂණ වංචා ගැන විමසන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කමිටුවෙන් හදිසි කැඳවීමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරු 2.00 ට (14) පාර්ලිමේන්ත්වේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට කැඳවා අතිබව එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට පාර්ලිමේන්තුවේ පසුගිය 10 වැනි දා ලබාදුන් උපදෙස් අනුව මෙම කැඳවීම සිදුකර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *