දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 36 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (13 ) සවස නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර උඩුනුවර සහ උඩදුම්බර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති අතර තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නාය යෑමේ නිවේදනය නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව,මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය, සහ වරකාපොළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ,මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ අකුරුස්ස,කොටපොළ පිටබැද්දර,හක්මන කඹුරුපිටිය, සහ වැලිපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර කිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ,කහවත්ත,අයගම, පැල්මඩුල්ල, සහ නිවිතිගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර රත්නපුර, ඇහැලියගොඩ,කොලොන්න සහ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයෑමේ නිවේදනය නිකුත් කර තිබේ.