දියණිය මවගේ ගෙල සිරකර මරා, සියදිවි නසාගත් බවට කියලා

සිය මවගේ ගෙල සිරකර ඝාතනය කර ඇය ඖෂධ අධි මාත්‍රාවක් පානය කර දිවි නසා ගත් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ යැයි කියන එම කාන්තාවගේ 16 හැවිරිදි බාල වයස් කාර දියණිය දිවුලපැලැස්ස පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ දිවුලපැලැස්ස රොටවෙල නව ගම්මානයේ පදිංචිව සිටි රාජසිංහ ආරච්චිලාගේ චන්ද්‍රාවති නැමැති 47 හැවිරිදි කාන්තාවකි.මහියංගනය රෝහලේ සායනයකට ගොස් මවගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නා බවත්, එම රෝහල මගින් ලබාදෙන ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර මව සිය දිවි නසාගෙන ඇති බවට සැක කරන බවටත් සඳහන් කරමින් ඇයගේ 16 හැවිරිදි දියණිය දිවුලපැලැස්ස පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

නමුත් කාන්තාව මියගොස් ඇත්තේ ඇයගේ ගෙල සිර කිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ සදහන්වීමත් සමඟ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඇයගේ දියණිය අත්අඩගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සුද්වීම හෙලි වු බව පොලීසිය කියයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *