දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී

මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද (25) යළි ගොඩගැනීමට නියමිතව තිබේ.

විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එය අද දිනයේ දේහය ගොඩගැනීමට නියමිත බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *