කුඩා දරුවෙකු පන්දුයවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කරමින් ඔහු සොයා දෙන ලෙස ප්‍රකට ක්‍රීඩක ලසිත් මාලිංග ඉල්ලීමක් කරන ලදි. එම ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාරයක් නිමිකරදෙමින් දින කිහිපයක් ඇතුළත එම ක්‍රීඩකයා හඳුනා ගැනීමට හැකි විය. දිනෙත් අනුහස් නම් මෙම ලාබාල ක්‍රීඩකයා වීරවිල කුඩාගම්මාන 19 ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මේ වනවිට එම දරුවා ව ලසිත් මාලිංග හා සම්බන්ධ වී තිබෙන අතර ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්වේ දුටු විශේෂත්වය හේතුවෙන් ඔහුව සෙවූ බව ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ යළිත් වීඩියෝවක් පළ කරමින් පැහැදිලි කර තිබුණි. එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය භාවිතකරන්නන් ලසිත් මළිංගගේ අදහස් ලෙස තම තමන්ගේ අදහස් පලලරමින් සිටිනා බවත් කරුණාකර එම ලාබාල ක්‍රීඩකයා අනවශ්‍ය ලෙස භාවිත නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටි.