දැවැන්ත ජල නළයක ඇන ගැලෙව්වේ පොල්දූව පාලම පෙරලන්නද.

ඊයේ දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ජල සම්පාදන මණ්ඩළය පවසයි. අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නළයේ සම්බන්ධකයක ඇණ කිසියම් පිරිසක් විසින් ඉවත් කිරීම නිසා දැවැන්ත ජල කාන්දුවක් ඇතිව තිබූ බවත් ඒ පිළිබඳ මේ වනවිටත් පොලිසියට පැමිණිළි කර ඇති බවත් වාර්තා වේ.

එම ජල නළයේ කොටස් දෙකක් එකිනෙක සම්බන්ධ කර තිබූ සම්බන්ධකයේ ඇණ 48 න් 33ක් මෙසේ ගලවාගෙන ගොස් තිබූ බවත්, ඒ හේතුවෙන් නළය විසන්දි වූවේ නම් පොල්දූව පාලමත් ගැලවී යාමට ඉඩ තිබූ බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *