දරුවන් සිටී නම් හමුදාවෙන් නිදහස් දකුණු කොරියානු රජයේ අලුත්ම නීතිය

චීනය සහ ජපානය මෙන්ම දකුණු කොරියාවේද උපත් අනුපාතය පහළ යාමේ අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

ඒ හමුවේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් දරුවන් ලැබීම සඳහා නැඹුරු කිරීමක් වශයෙන් දකුණු කොරියානු රජය විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි එක් පියවරක් ලෙස දරුවන් වැඩි ගණනක් සිටිනා තරුණයින් අනිවාර්යය හමුදා සේවයෙන් නිදහස් කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබේ.

දකුණු කොරියාව යනු අනිවාර්ය හමුදා සේවය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන රටකි.

කෙසේවෙතත් උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා රජය ගෙන ආ නව ප්‍රතිපත්ති අනුව දකුණු කොරියාව දරුවන් තිදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින වයස අවුරුදු 30 ට අඩු තරුණයින් අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *