තෙල්දෙණියේ වාහන කොල්ලයට මන්ත්‍රී පුතෙක් අත් අඩංගුවට

තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකින් සුඛෝපභෝගී ජීප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවස පිටුපස ගරාජයේ තිබී කොල්ලකෑ ජීප් රථ දෙකක් අත්අඩංගුවට ගත් බවත්, එම ජිප් රථ කැබලිවලට ගැලවීමට මෙම පුද්ගලයන් සූදානමින් පසුවූ බවත් වත්තේගම පොලිසිය පවසයි.

තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට ඊයේ (29) අළුයම කඩා වැදුණු පස් දෙනෙක්ගෙන් යුත් කොල්ල කල්ලියක් එහි සේවකයන් බැඳ දමා රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැරගෙන ගොස් තිබුණි

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *