ත්‍රිපෝෂ ගැන අලුත්ම ආරංචියක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් ක‍ළේය.

ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා මෙම බදු සහන ලබා දී ඇති බවත්, බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමටත්, පියවර ගෙන තිබේ.

මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනය සිදුකර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *