අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායක ශිරින් ෂර්මින් චෞද්රි අතර හමුවක් අරලියගහ මන්දිරයේදි ඊයේ පැවැත්විණි.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අතීත සහයෝගීතාව ගැන සඳහන් කළ බංග්ලාදේශ කථානායකවරිය දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති වේගවත් ප්‍රගතිය පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළ කළාය. අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බව තමා දුටු බැවින් සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ශ්‍රී ලංකාවට විශාල හැකියාවක් ඇති බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා වෙත සිය සුභාශිංසන පළ කළ අග්‍රාමාත්‍යවරයා, බංග්ලාදේශයේ ඉහළ තනතුරු කිහිපයක්ම කාන්තාවන් විසින් දරනු ලැබීම අගය කරන ලදී. බංග්ලාදේශයට ඖෂධ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා සහයෝගීතාව ලබා දෙනු ඇතැයි මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළකළේය.
ජාත්‍යන්තර වෙළඳාමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා කොළඹ වරායට අමතරව ත්‍රිකුණාමලය සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ වරායන් භාවිතා කිරීමට බංග්ලාදේශය ඉතා උනන්දුවෙන් සිටින බව කථානායකවරිය මෙහිදී සඳහන් කළාය.