තහනම නිමවන තෙක් අයි.සී.සී ය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගෙවීම් අත් හිටවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිවිය යුතු අමෙරිකානු ඩොලර් 180,000 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක) මුදල ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම නිමාවන තුරු අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර ඇත .

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල නෙදර්ලන්තය හා එංගලන්තය සමඟ පැවති තරග දෙක ජය ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 40,000 බැගින් ඩොලර් 80,000 ශ්‍රී ලංකාවට පිරිනැමුණු අතර, තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වන සෑම කණ්ඩායමකටම පිරිනැමෙන අමෙරිකානු ඩොලර් 100,000ක මුදල ද මේම මුදලට එකතු වීම නිසා ඩොලර් 180,000 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුනි .

කෙසෙවෙතත් දැනට ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නිමා වූ වහාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ මුදල නිදහස් කිරීමට නියමිතය .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *