තද වැසි සහ නාය යාම් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අතර දිස්ත්‍රික්ක හතක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල ,කළුතර ,කෑගල්ල,මාතර,හම්බන්තොට,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

හෙට (29) උදේ 6.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව එම නිවේදනය සදහන් ය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසය.

නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව බස්නාහිර සහ සබගරමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.

අද (28) උදෑසන 7.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 101.5ක් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *