චීනයේ Qingdao Seawin Biotech Group Ltd ආයතනයෙන් ආනයනය කළ කාබනික පොහොර තොගයෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ඩොලර් මිලියන 6.9 ක පාඩුව සම්බන්ධව විඝණකාධිපතිවරයා සිය වාර්තාව මගින් පෙන්වාදුන්නද කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඒ සබන්ධව විධිමත් පරීක්ෂණ ආරම්භ කර නොමැත.
2021 දී චීනයේ Qingdao Seawin Biotech Group Ltd සමාගමෙන් ආනයනය කරන ලද කාබනික පොහොර තිගයේ අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටීම නිසා ශ්‍රි ලංකාව එම පොකොර තොගය ප්‍රතික්ෂේප කළමුත්, චීන සමාගම ඒ සම්බන්ධව නෛතික පියවර ගැනිම නිසා ශ්‍රි ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක් චීන සමාගමට ගෙවීමට සිදු විය .
මේ සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, තවමත් ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැත.