ඩෙංගු මර්දන සතිය ඇරඹෙයි

අද (27) සිට රටපුරා ඩෙංගු මර්දනය සතියක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මේ වන විට රටපුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන ඩෙංගු උවදුර වැළැක්වීම සඳහා මෙම සතිය තුළ විවිධ සැලසුම් හා ක්‍රියාමාර්ග ගැනීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

එමෙන්ම ලංකාව පුරා ඩෙංගු රෝගීන් 27,000 ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තාවී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීන් 1101 ක් වාර්තාවී තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *