ඩියුටිය පසක තබා සංගීත සංදර්ශනයක නැටූ රාළහාමිගේ වැඩ තහනම්

සංගීත ප්‍රසංගයල් පැවත්වෙන අතර තුර වේදිකාවට ගොඩවී පොලිස් නිල ඇඳුමෙන් නර්තනයේ යෙදුන පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය ඊයේ සිට තහනම් කිරීමට පොලිස් මුලස්ථානය තීරණය කර ඇතිබව වාර්තා වේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු පසුගිය 30 වනදා රාත්‍රියේ බියගම කැලණිය නදී ක්‍රීඩාංගණයේ දී පැවැති සංගීත ප්‍රසංගයක රාජකාරියේ යෙදී සිටියදී ගායකයෙකුගේ ගීතයකට වේදිකාව මත නර්තනයේ යෙදී ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *