ඩයනාගේ ගුටිබැට සිද්දිය විමර්ශනයට 06 වනදා මැතිසබා කමිටුව කැඳවයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් නම් සඳහන්වූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් සහ සිද්ධිය ඇසින් දුටු සියලු දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව හමුවට ලබන 6 වැනිදා උදේ 10.00 ට කැඳවීමට එම කමිටුව අද (25) තීරණය කළේය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මෙම සිදුවීමෙන් පසුව රෝහල්ගත වූ අතර ඇය ඒ සඳහා විමර්ශනයක් කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය

ඒ අනුව මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයෝ අද (25) නැරඹූහ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *