ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වෙයි.

“රොක් ඇන්ඩ් රෝල් රැජින” ලෙස ජනප්‍රියත්වට පත් ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 83වන වියේ පසුවු ඇය ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ටීනා 1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන තිබෙන අතර, 1957 වසරේ සිය ගායන ජීවිතය ආරම්භ කළ ටීනා ටර්නර් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස සළකනු ලැබූයේ ඇය ගායනයට අමතරව රංගන සහ නර්තන ශිල්පිනියක් ලෙසද දක්ෂතා පෙන්වමින් ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වු නිසාවෙනි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *