ටිහාරාට අවසන් ඇමතුම දුන්නේ පබාරා බව හෙළි වෙයි

කළුතරදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි ටිහාරා නිර්මාණීට අවසන් දුරකථන ඇමතුම ලබදී ඇත්තේ ඇය හෝටලයට කැඳවාගෙන ගිය මිතුරිය පබාරා විසින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු කෝපයටත් කලබලයටත් පත්වූ ශිෂ්‍යාව හෝටලයේ පස්වන මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසයි.

19 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඇය නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ තැනැත්තියක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම තරුණිය ඇගේ පෙම්වතා සමග ටිහාරා නිර්මාණී නැමැති බාල වයස්කාරිණිය හෝටලයට කැඳවාගෙන ගොස් ඇති අතර දැනට අත් අඩංගුවේ පසුවන ප්‍රධන සැක කරුට ඇය බාරකර ඇත්තේ ඔහුන් විසිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *