ටිල්වින් මාළිමාවට චරිත සහතික ලියයි

ආගමට අනුව ජීවත්වන පිරිස අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මාළිමාවේ සාමාජිකයන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

තමන් බුද්ධාගමට ගරු කරන්නේ පවුලෙන් ආ නිසා නොව තමන් බුද්ධාගම සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ඒ ගැන හදාරා ඇති නිසා බව ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව පන්සිල් පද එකක්වත් රකින්නේ නැති බවත් ඔවුන් ආගමානුකූලව කටයුතු නොකරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. බෞද්ධයන් විසින් අනෙක් ආගම් වලට විරුද්ධව ජනතාව උසිගන්වා නම් ඊට තමන් විරුද්ධ බවත් කවුරුත් කියා සිටියේය.

ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *