ජ.වි.පෙ මන්ත්‍රී දියේ ගිලී මරුට

ජනතා විමුක්ති පෙරමුණෙන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු දියේ ගිලී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි. එම මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ඇලකට වැටීමෙන් දියේ ගිලී මෙසේ මියගොස් ඇතිබව පැවසේ.

මියගිය මන්ත්‍රීවරයා වලල්ලාවිට බෝපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු ප්‍රදේශයේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් ඔහු අතුරුදන් බවට පොලිසියට පැමිණිල්ලක් ඊයේ දිනයේ දී ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කළේය. මියගිය මන්ත්‍රීවරයා හැත්තෑ හැවිරිදි වියේ පසු වූවෙකි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *