බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාවයද මේ වනවිට 23% ක් දක්වා අඩු වීමත් සමග, ජල විදුලි ජනනයද 15 % ක් දක්වා පහත වැටී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි .
රන්දෙණිගල ධාරිතාව 8.1 % ක් දක්වාත් වික්ටොරියා ජලාශයේ ධාරිතාව 27% ක් දක්වාත් මේ වනවිට පහළ ගොස් ඇති අතර සමනල වැව ජලාශයේ ධාරිතාවද සමස්ත ධාරිතාවයෙන් මේ වනවිට 1.9% ක් දක්වා පහළ ගොස් තිබේ .
එම තත්ත්වය සළකා බලා මාස 6 ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.