ජපන් සැහැල්ලු දුම්රිය ගැන තවත් ඔත්තුවක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යාපෘති ඇගයීමට පත් කළ ගුණරුවන් කමිටුවට කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය භාර නොදිම ගැන රාජ්‍ය විගණනයේ අවදානය යොමු වී තිබේ. 

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් සම්පත් මන්ත්‍රිනායක ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිබතිවරයාට යොමු කළ ලිපියක් ඊට පදනම් වී ඇත. 

නාගරික ප්‍රවාහනයට අදාළ ව්‍යාපෘති ගුණරුවන් කමිටුවට යොමු කරන විටත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහොසි කිරිමට හිටපු ජනාධිපතිවරයා තින්දු කර තිබුණේ යැයි එම ලිපියේ සදහන් වේ. 

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කිරිමට මුලික වී යැයි මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතාට එකල චෝදනා එල්ල වු අතර තමාට එම ව්‍යාපෘතිය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති යැයි කියමින් ඔහු එම චෝදනා ප්‍රතික්ශේප කළේය.  

මාක් සිල්වා

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *