ජනාධිපති I.M.F. සහන දිනාගැනීමට සමත් වීමෙන් විපක්ෂයට සටන් පාඨ අහිමි වුනා

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනිම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපේක්ෂිත සහන ලබා ගැනිම සදහා ජනාධීපති රනිල් වික්‍රමසිංහගේ පරිණත දේශපාලන ආර්ථිකය ඥාණය ප්‍රධාන හේතුව වු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.

විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මේ රට යහපත් අතට හැරෙන එකට විරුද්ධ බවත්, රට යහපත් තත්ත්වයට පැත්වූ පසු විපක්ෂයට දේශපාලනයට සටන් පාඨ නැතුව යන බවත් ඔහු පැවසීය . නමුත් යමක් තේරුම් ගත හැකි ජනතාව මේ වන විට තත්ත්වය වටහාගෙන ඇති බවද ඔහු පවායි. රට ගොඩනැගිම සදහා විපක්ෂයේ සහය ඉල්ලුවත් එය ලබා දෙනු වෙනුවට ඊට විරුද්ධ වුණාබවත් ඔහු පැවසියේය. මාතලේ දි අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *