ජනාධිපති කාර්යාලයෙන් වස දීලා මරාවිද දන්නේ නෑ – ඇමතිගේ ජීවිතේ අවදානමේ

තමන් ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසයෙන් සිටින නිසා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් නොබොන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේය.

ජනාධිපති කාර්යාලයෙන් තමන්ට වස ලබාදීමේ අවදානමක් පවතින බවද මේ අවස්ථාවේ තමන්ගේ ජීවිතය අවදානමේ පවතින බවද මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් රොෂාන් රණසිංහ පැවසුවේය.

මේ නිසා ජනාධිපති කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් නොබොන බවද ඔහු කීවේය.

“වහ දෙන්න පුලුවන් නම් රොෂාන් රණසිංහට වහ දේවි. මරන්න පුලුවන් නම් මරාවි” රොෂාන් රණසිංහ කීවේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *