ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දෙක තුළ සිංගප්පුරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඔහු මෙම සංචාරයේ දී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිතය.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු සම්බන්ධයෙන් සිංගප්පුරුව සහ ජපාන නායකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කෙරෙනු ඇති. ජනාධිපතිවරයා ලබන 27 වනදා යළි මෙරටට පැමිණීමට නියමිතය