මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව වැඩි ඡන්ද 46කින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 77ක් පමණි.
පසුගියදා කටුනායක ගුවන්තොටුපොල හරහා නීති විරෝධීව රත්‍රන් සහ ජංගම දුරකතන ගෙන ආ මන්ත්‍රී අලි ශබ්රි රහීම් ද ජනක රත්නායක ආරක්ෂා කරගැනීමට, එම යෝජනාවට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළේය.
දුර්දාන්ත සභාපතිවරයෙක් ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත ජනක රත්නායක එම තනතුරින් ඉවත් කළ යුතු බවට වන යෝජනාව ඉදිරිපත් කර තිබුණේ මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහය.
විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කළ අවස්ථාවේදී නියමිත ක්‍රියා පටිපාටිය අනුව කටයුතු නොකර එය විවේචනයට ලක් කිරීම හරහා අව කල් ක්‍රියාවෙන් යුතුව ජනක රත්නායක හැසිරී තිබෙන බවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
මේ අතර ඩුබායිහි සිට නීති විරෝධී ලෙස රත්‍රන් කිලෝ තුනහමාරක් රැගෙන ආ අලි ශබ්රි රහීම් මන්ත්‍රීවරයා පසුගියදා ගුවන්තොටුපොලෙ රේගු විමර්ශන අංශ අත්අඩංගුවට පත්ව තිබුණි. ඇප මත නිදහස්වූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ චෝදනාවන්ට ලක්ව සිටි ජනක රත්නායක ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
