ජනක රත්නායක එලවන්න පොහොට්ටුවේ සහයත් ලැබෙයි

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස අනුමත නොකරන බවත්, ඒ හේතුවෙන් ජනක රත්නායක මහතා ඒම ධුරයෙන් ඉවත් කිරීමට පුර්ණ සහය ලබා දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට අදාල යෝජනාව ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම ජනක රත්නායක ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *