ජනකගේ පුටුව කාටද… ?

පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව මඟින් සිදුකිරීමට නියමිතව තිබේ.

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.

යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 77ක් පමණි, ඒ අනුව ඔහු එම ධුරයෙන් ඉවත්වීම සිදුවන අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරය මේ වනවිට පුරප්පාඩු වී ඇත.

මේ වනවිට පුරප්පාඩු වී ඇති මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරය සදහා පුද්ගලයෙකු තෝරා ගැනීම සිදුකළ යුතු වන්නේ ව්‍යවස්ථා සභාව මගිනි.

ඒ අනුව ලබන ජුනි මස 5වන දින ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර එදිනට මහජන උපයෝගීතා කොමිසමට සභාපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීම සිදුනොකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සඳහා සාමාජිකයින් පත් කිරීම ප්‍රමාද කිරීමට තිරණය කර ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *