ඡන්ද පත්‍රිකා මුද්‍රණයත් පෞද්ගලික අංශයට

ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණයකදී සිදුකෙරෙන සියලු මුද්‍රණ කටයුතු ඉදිරියේදී පෞද්ගලික අංශය වෙත භාරදීමට අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ රජයේ මුද්‍රණාලය වැනි ආයතන ඉකුත් සමයේ මැතිවරණ පැවැත්වීම සඳහා බාධා එල්ල වන අයුරින් විවිධාකාරයේ කටයුතු සිදු කරන ලදී. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණය සැලසුම් කිරීමේදී රජයේ මුද්‍රණාලය කටයුතු කළ ආකාරයෙන් හෙළිවන බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී මුද්‍රණ කටයුතු පෞද්ගලික අංශය වෙත භාරදීමට අවදානය යොමුව ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *