චන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් පමා වෙයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ පැවසූවාය . පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිටත් සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් අවශ්‍ය මුත්, මේ වන විටත් රජයේ මුද්‍රණාළයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බව වාර්තා වේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් රජයේ මුද්‍රණාලය වෙත ලැබිය යුතු බවත්, යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණ ද ලබන 20 වන දිනට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාරදීමේ හැකියාවක් නොමැති බව මුද්‍රණාලායාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *