ගුරු වෘත්තීය සමිති අද හවස කරන්න යන දේ.

ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව ඔවුන් පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන් ය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *