ගුරුවරුන් 200 ක් දුෂ්කර සේවයේම තියන්නට උතුරු මැද ආණ්ඩුකාරයා තීරණය කරයි.

පොලොන්නරුව අධ්‍යාපන කළාපයේ වසර 5කට වඩා සේවය කළ ගුරුවරුන්ගේ ගුරු ස්ථානමාරුවීම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ මැදිහත් වීමෙන් අත්හිටවීම නිසා එම අධ්‍යාපන කළාපයේ ගුරුවරුන් තුළ බරපතල නොසන්සුන් බවක් හටගෙන ඇතිබව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (30) මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික පාසල් ගුරු මාරු ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ගුරුවරුන් 12000ක ගේ ස්ථානමාරුවීම් අවලංගු කළ ක්‍රියාව පූර් වා දර් ශයට ගනිමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පොලොන්නරුව කළාපයේ ගුරුවරුන් 200ක ගේ ස්ථානමාරු වීම් අත් හි‍ටුවා ඇති බවයි.

මෙම අත්තනෝමතික ක්‍රියාව මගින් රටේ විවිධ ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මැද රාජකාරි කළ ගුරුවරුන් ට සිය කැමැත්ත පරිදි දුෂ්කර සේවය අවසන් කර තමන්ගේ පදිංචි ආසන්න සේවා ස්ථානයකට යාමට තිබූ අවස්ථා අහිමි කර ඇතැයි ද හෙතෙම පැවසීය. පොලොන්නරුව කලාපයේ ගුරු මාරුවීම් සඳහා පමණක් මෙසේ නියෝගයක් ලබා දීම දේශපාලනික වුවමනාවන් පිරිමැසීඉමට සිදු කළ එකක් ලෙස පෙනී යන බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *