ගිරිඋල්ලේ ගිනිකෙළි වෙළඳ සැලක් ගිනි ගනී. අවට කඩ දෙකකටත් හානී

ගිරිඋල්ල ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළෙඳසැලක හටගත් ගින්නකින් එම වෙළඳ සැළ සම්පූර්ණයෙන්ම විනාශව ඇතිබව පොලිස් මුලස්ථානය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, එමගින් වෙලඳ සැලේ තිබූ සියළු ගිනිකෙළි භාණ්ඩ පුපුරා ගිනිගෙන ඇති බවත්, ගිරිඋල්ල පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇති බවත් වාර්තා වෙයි. ඊට අමතරව ගින්නෙන් දෙපස තිබූ වෙළෙඳසැල් දෙකක දේපළවලට ද හානි සිදුව ඇත .

ශ්‍රි ලංකාවේ අලවි වන ගිනිකෙළි භාණ්ඩ වලට මෙන්ම ඒවා අලවි කරනා මධ්‍යස්ථාන වලටද නිසි ප්‍රමිතියක් නොමැති වීම බරපතල ගැටළුවක් බව විද්වතුන් කලක සිට පෙන්වා දෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *