ගාසා තීරයේ රෝහල් මිනී කාමර බවට පත්වෙයි. රෝගීන්ටත් ස්නායිපර් ප්‍රහාර

ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය අතර දරුණු සටන් නිසා ඊයේ දිනයේදීද ගාසා තීරයේ රෝහල්වල දහස් ගණනක් මිනිසුන් කොටු වී ඇතිබව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි . මෙම තත්ත්වය ගැන අදහස් දක්වන වෛද්‍යවරුන් සහ සහන සේවකයින් පවසනුයේ කඩිනම් සටනේ විරාමයක් නොමැතිනම් අවම පහසුකම් මැද දහස් ගනනක් රෝගීන් රෝහල් පද්ධතිය තුළ මිය යනු ඇති බවය.

හමාස් සංවිධානය විනාශ කිරීමේ ඊශ්‍රායලයේ ගුවනින් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් සිටිනා අතර, එම තත්ත්වය නිසා රෝහල් ආශ්‍රිත පහසුකම් වේගයෙන් පහත වැටෙමින් තිබේ. මේ වන විට ගාසා තීරයේ වෛද්‍ය කටයුතු සඳහා දායකව සිටිනා දේශසීමා රහිත වෛද්‍ය ආධාර කණ්ඩායම අනතුරු අඟවනුයේ කඩිනම් සටන් විරාමයක් නොමැතිනම් සාසා තීරයේ රෝහල් මෘත ශරීරාගාරයක් බවට පත්වනු ඇතිබවය.

ගාසා තීරයේ විශාලතම රෝහල වන ”අල්-ෂිෆා රෝහල “ ඊයේ සවස් වන විට සම්පූර්ණයෙන්ම වටකර ඇති බවත්, ඒ අවට බෝම්බ ප්‍රහාර එල්ල වෙමින් පවතීන බවත් එම තත්ත්වය නිසා වෛද්‍ය කණ්ඩායමට වැඩ කළ නොහැකිව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

එම රෝහල තුළ, පශ්චාත් ශල්‍ය රෝගීන් 600 ක්, ළදරුවන් 37 සිට 40 දක්වා සහ දැඩි සත්කාර ඒකකයේ සිටින පුද්ගලයින් 17 දෙනෙකු සඳහා ජලය, ආහාර සහ විදුලිය නොමැති බවත්, අන්තර්ජාල සබඳතා බිඳවැටී ඇති බැවින් බාහිර ලෝකය සමග සබඳතා පැවැත්වීමට නොහැකිව ඇති බවත් දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ ශල්‍ය වෛද්‍ය මොහොමඩ් ඔබයිඩ් පැවසීය.

ඉන්කියුබේටර්වල විදුලිය විසන්ධි වීමෙන් පසු අල්-ෂිෆා නව ජන්ම ඒකකයේ ළදරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇත. වෙන්ටිලේටර් යන්ත්‍ර අක්‍රීය වීම අනිසා එක් රෝගියෙක් මියගොස් අති අතර තවත් විශාල පිරිසකගේ ජීවිත අනතුරට ලක්වෙමින් පවතින බව එම වෛද්‍යවරයා සඳහන් කරයි.

මේ අතර ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් රෝහල තුළදී රෝගීන් හතර දෙනෙකුට වෙඩි තබා ඇති අතර, එක් පුද්ගලයෙකුගේ බෙල්ලට සහ තවත් අයෙකුගේ උදරයට වෙඩි වැදී දී ඇති බව ඔහු පැවසීය. රෝගීන් නොවනා විශාල පිරිසක්ද රැකවරණය පතා රෝහල් භූමියේ රැඳී සිටිනා බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *