ගාසා තීරයේ කොටුවී සිටි ලාංකිකයන් 11 ක් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට

ගාසා තීරයේ අතරමංව සිටි පවුල් දෙකක ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද යළි ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ ආරංචිමාර්ග පවසයි .

කයිරෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊජිප්තු බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහ රමල්ලාහි ශ්‍රී ලංකා නියෝජිතයාගේ සම්බන්ධීකරණයෙන් ගාසා තීරයේ අතරමංව සිටි මෙම පිරිස රෆා දේශසීමාව හරහා ඊජිප්තුවට ඇතුළු වීමට පහසුකම් සැලසීය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් රෆා දේශසීමාවේදී මෙම පිරිස තම භාරයට ගෙන ඔවුනට ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා කයිරෝ වෙත රැගෙන යන ලදි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *