ගාලු වරායේ දී විදේශිකයෙකු මරුට

ගාල්ල වරායේ දී 61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු වරායට පැමිණි අවස්ථාවේ දී අදාළ පුද්ගලයා වරායේ ජැටියට බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු මුහුදට වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *