ගාල්ලට නොදුරු මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්.

ශ්‍රී ලංකාවේ ගාල්ලට දකුණින් වූ ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇත. අද දහවල් 12.30 ට පමණ හටගත් මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 සටහන් වී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරයි.

කිලෝ මීටර 10ක ගැඹුරින් සිදු වී ඇති බව ද සඳහන් වෙන මෙම භූමිකම්පාවේ අපකේන්ද්‍රය තංගල්ල නගරයේ සිට කිලෝමීටර 1317 ක් සහ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 1355 තුළ පිහිටා ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ දෙයි.

මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *