ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය කයිරියාකොස් මිට්සොතාකිස්ගේ පාලක මධ්‍ය දක්‍ෂිණාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමිකර ගෙන තිබෙනවා.
පසුගියදා පැවැත්වූ මෙම මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මේ වනවිට සියයට 97ක් පමණ අවසන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
ආසන 300 කින් සමන්විත ග්‍රීක පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ආසන 151 ක් අවශ්‍ය වන අතර, පාලක මධ්‍ය දක්‍ෂිණාංශික පක්‍ෂයට හිමිව ඇති ආසන ගණන 146 ක් වේ.
කෙසේවෙතත් පාලක මධ්‍ය දක්‍ෂිණාංෂක පක්‍ෂයේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඇලෙක්සිස් සිප්ප්‍රාස්ගේ වාමාංශික පක්‍ෂයට දිනා ගැනීමට හැකිව ඇත්තේ ආසන 71 ක් පමණයි.