ගල් බෝතලයක සැබෑ මිල රුපියල් 294 යි. ඉතිරි රුපියල් 2646 බදු

විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන අති විශේෂ අරක්කු (ගල්) බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල් 294/- ක් පමණක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මධ්‍යට පැවසීය.

මේ අනුව ගල් ආරක්කු බෝතලයකට රජය පනවා ඇති බදු සහ ව්‍යාපාරිකයාගේ ලාභාංශ ලෙස රුපියල් 2646/- මුදලක් වෙන්ව ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය. සුරා බද්ද, වැට් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී බදු වර්ග රැසක් මත්පැන්වලින් අය කරන අතර ව්‍යාපාරිකයාගේ ලාභය බදුවලට සාපෙක්ෂව කුඩා අගයක් ගන්නා බව වාර්තාවේ.

මෙම අධිඅ බදු නිසා මත්පැන් මිල ඉහළ යාමත්, එනිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහළ වැටීමත් සිදුව් ඇති බවත් පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදකයන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *